ඇදුම ප්‍රතිකාරත් සමග බොහෝ මිනිසුන්ට සාමාන්‍ය ජීවිතයක් ගතකල හැක. ඔබේ රෝග ලක්ෂණ පාලනය කර ගැනීමට ඔබට උපකාර කළ හැකි සරල ක්‍රමද ඇත.

ඔබට කළ හැකි දේ

  • ඔබේ ඉන්හේලරය නිවැරදිව භාවිතා කරන්න - ඔබට තවමත් විශ්වාස නොමැති නම් ඔබට ඔබේ හෙදිය ගෙන් හෝ වෛද්‍යවරයා ගෙන් උපදෙස් ලබා ගත හැකිය
  • සෑම දිනකම ඔබේ ඉන්හේලරය හෝ බෙහෙත් පෙති භාවිතා කරන්න - මෙය ඔබගේ රෝග ලක්ෂණ පාලනය කර ගැනීමට සහ ඇදුම ප්‍රහාර වළක්වා ගැනීමට උපකාරී වේ
  • වෙනත් ඖෂධ ලබාගැනීමට පෙර පරීක්ෂා කරන්න - ඇදුම සහිත කෙනෙකු සඳහා එම ඖෂධය සුදුසුද දැනගැනීම සඳහා, ඇසුරුම් පරීක්ෂා කරන්න, ඔබ නොදනී නම් ඖෂධවේදියෙකු, වෛද්‍යවරයකු හෝ හෙදියක ගෙන් සහය ලබා ගන්න
  • ** දුම්පානය නොකරන්න - දුම් පානය නතර කිරීමෙන් කොතරම් දරුණු සහ නිතර නිතර ඇති වූ රෝග ලක්ෂණ වුවද සැලකිය යුතු ප්‍රමාණයෙන් අඩුවේ

    • නිතිපතා ව්‍යායාම කිරීම - ඔබ නිසි ප්‍රතිකාර ගන්නා විට ව්‍යායාම කිරීමෙන් ඔබගේ ඇදුම රෝග ලක්ෂණ උත්සන්න නොවේ
    • සෞඛ්‍ය සම්පන්න අහාර වේලක් ලබා ගන්න. - ඇදුම සහිත බොහෝ දෙනෙකුට සාමාන්‍ය ආහාර වේලක් ගත හැකිය
    • ** එන්නත් ලබා ගන්න - වාර්ෂිකව ලබා ගත යුතු උන වැළක්වීමේ එන්නත සහ එක් වරක් පමණක් ලබා ගත යුතු නියුමොකොකල් (Pneumococcal) එන්නත ලබා ගැනීම හොද අදහසක් වේ

    ඔබගේ ඇදුම රෝගය වැඩිකරන හේතු හඳුනාගෙන ඒවාගෙන් ඉවත් වන්න

    ඔබගේ රෝග ලක්ෂණ වඩාත් උත්සන්න වන විට ඔබ ඉන්නේ කොහේද? ඔබ කරන්නේ කුමක්ද? යන්න සටහනක් තබා ගැනීම වැදගත් වන අතර ඒ මගින් ඔබේ රෝගලක්‍ෂණ උත්සන්න කරණ හේතු හඳුනා ගත හැකිය. මෙම රෝග ලක්ෂණ උත්සන්න කරන හේතු සමහරක් වලක්වා ගැනීම අසීරු විය හැකි නමුත් දුවිලි මයිටාවන්, සුරතල් සතුන්ගේ ලොම් සහ සමහර ඖෂධ වර්ග වැනි දේවල් වලින් වැලකි සිටිය හැක. ඔබ ඔබේ රෝග ලක්ෂණ උත්සන්න කරන හේතු හදුනා ගෙන ඇති බව ඔබ සිතන්නේ නම්, ඔබේ වෛද්‍යවරයා හෝ ඇදුම හෙදියට කථා කරන්න.

    නිරන්තරයෙන්ම පරීක්ෂා කරගන්න

    ඔබගේ තත්වය නිරීක්ෂණය කිරීම සඳහා ඔබේ වෛද්‍යවරයා හෝ ඇදුම හෙදියන් සමඟ නිරන්තරව සම්බන්ධ වන්න. මෙම හමුවීම් වලදී:

    • ඔබගේ රෝග ලක්ෂණ ගැන කතා කිරීම - නිදසුනක් ලෙස, ඒවා ඔබේ සාමාන්‍ය ක්‍රියාකාරකම් වලට බලපාන්නේ නම් හෝ වඩාත් නරක අතට හැරී ඇත්නම්
    • ඔබේ ඖෂධ ගැන සාකච්ඡා කිරීම - ඔබට යම් අතුරු ආබාධ අත්විඳිය හැකි යැයි ඔබ සිතනවා නම් සහ ඔබේ ඉන්හේලරය භාවිතා කරණ අයුරු නැවත මතක් කලයුතු නම්
    • හුස්ම පරීක්ෂණ

    ඔබ සතුව ඇති ඕනෑම ප්‍රශ්නයක් ඇසීමට හෝ වෙනත් ගැටළු සාකච්චා කිරීමට ද මෙය ඔබට හොඳ අවස්ථාවකි. හමුවීම් අතරතුර දී ඔබේ තත්ත්වය නිරීක්ෂණය කිරීමට ඔබට උදව් කිරීමට සිදු වනු ඇත. උදාහරණයක් ලෙස, ඔබගේ රෝග ලක්ෂණ උත්සන්න වෙනවා නම් සමහර විට උච්ච ප්රවාහ ළකුණ (Peak flow) පරීක්ෂා කිරීමට ඔබට උපදෙස් ලැබෙනු ඇත. ඔබගේ පෞද්ගලික ක්‍රියාකාරී සැලැස්මෙන් ඔබගේ රෝග ලක්ෂණ ක්‍රමානුකුලව හෝ හදිසියේම නරක අතට හැරෙන විට කල යුත්තේ කුමක්ද යන්න කිව යුතුය. ඔබ කුමක් කරන්නේදැයි ඔබට නොතේරුණහොත්, ඔබේ වෛද්‍යවරයා හෝ ඇදුම හෙදියක් අමතන්න.

    සිතල දේශගුණය සහ ඇදුම රෝගය

    සීතල දේශගුණය ඇදුම රෝග ලක්‍ෂණ වැඩි වීමට බහුල හේතුවක් වේ. සීතලට ඔබේ රෝග ලක්ෂණ පාලනය කිරීමට:

    • ඔබගේ රෝග ලක්ෂණ අඩු කරන කොලපාට ඉන්හේලරය සෑම විටම ඔබ ලග තබා ගන්න. එසේම දිනපතා ලබාගන්නා දුඹුරු පාට ඉන්හේලරය ඔබගේ වෛද්‍යවරයා නියම කර ඇති පරිදි ලබා ගන්න
    • ඔබේ ඉන්හේලරය සාමාන්‍ය මට්ටමට වඩා භාවිතා කිරීමට අවශ්‍ය නම්, ඔබේ ප්‍රතිකාර සමාලෝචනය ගැන ඔබේ වෛද්‍යවරයා සමඟ කතා කරන්න
    • උණුසුම් සහ වියළිව ඉන්න - කුඩයක් රැගෙන යන්න
    • ඔබේ නාසය සහ මුඛය ලිහිල්ව ආවරණය කරගන්න - මෙය හුස්ම ගැනීමට පෙර වාතය උණුසුම් කිරීමට උපකාරී වේ
    • මුඛය වෙනුවට ඔබගේ නාසයෙන් හුස්ම ගැනීමට උත්සාහ කරන්න. නාසය ඔබ හුස්ම ගන්නා වාතය උණුසුම් කරයි

    ඇදුම රෝගීන් ගමන් බිමන් යාමේදී

    ඇදුම රෝගය නිසා ඔබේ ගමන් බිමන් නැවත්වීම අවශ්‍ය නොවේ. නමුත් නිවාඩුවක් හා දිගු ගමනක් යන විට ඔබ අතිරේක පූර්වෝපායන් ගත යුතුය. ඔබට ප්‍රමාණවත් බෙහෙත් ඔබ ළඟ ඇති බවට වග බලා ගන්න. එසේම ඔබගේ රෝග ලක්ෂණ අඩු කරන කොලපාට ඉන්හේලරය ඉන්හේලරය ඉක්මනින් ගත හැකි තැනක තබා ගන්න. කලකින් ඔබ ඔබගේ වෛදවරයා හෝ හෙද නිලධාරී මුණ ගැසී නොමැති නම්, දුර ගමන් යාමට පෙර ඔවුන් මුණ ගැසී ඔබගේ ප්‍රතිකාර සමාලෝචනය කර ගන්නවා නම් එය වඩා වේදගත් වේ. ඔබගේ වෛද්‍යවරයා හෝ හෙද නිලධාරී ගෙන් ද දුර ගමන් යාම පිළිබඳව ඔබට උපදෙස් ගත හැකිය.

    ගර්භනීභාවය සහ ඇදුම

    ඇදුම දරුවන්ට ඇති වීමේ ප්‍රවණතාවයට බලපාන්නේ නැත. ඇදුම සහිත කාන්තාවන්ගේ අතිමහත් බහුතරයකට සාමාන්‍ය ගර්භණී තත්වයක් ඇත. සාමාන්‍යයෙන් ගර්භණී සමයේදීද ප්‍රතිකාර ක්‍රමයේ වෙනසක් නැත. අදුම රෝගයට ලබාදෙන බොහෝ ඖෂධ, විශේෂයෙන් ඉන්හේලර්, ගර්භනී සහ කිරි දෙන මවුවරුන්ට ආරක්ෂාකාරී ලෙස සැලකේ. නමුත් ඔබ ගර්භිණී භාවයේ හෝ දරුවකු ලැබීමට සැලසුම් කරන්නේ නම් හෝ, ඔබ ඔබේ වෛද්‍යවරයා හෝ ඇදුම හෙද නිලධාරිට කතා කළ යුතුය:

    • ගර්භණී සමයේදී ඔබේ ඇදුම රෝග ලක්ෂණ නරක අතට පත්විය හැකි වුවද සමහර කාන්තාවන්ගේ ඇදුම රෝග ලක්ෂණ සුව අතට පත් වෙනු ඇත.. එබැවින් ඔබේ ප්‍රතිකාරය නිතිපතා සමාලෝචනය කළ යුතුය
    • ගර්භනී කාලයේදී ඇදුම රෝගය හරි හැටි පාලනය කර නොගත්තේ නම් ගර්භ වලිප්පුව සහ නොමේරු දරු උපත් වැනි සංකුලතා ඇති වීමේ ප්‍රවනතාවය වැඩි වේ
    • දරුවා ලැබෙන අවස්ථාවේ ඇදුම ප්‍රහාර සිදු වන ප්‍රමාණය විරල වුවද සමහර විට ඉන් වැළකීම සඳහා අමතර පූර්ව ආරක්ෂාවක් ලබා දීමට සිදුවේ

    පාසලේදී ඇදුම ඇති වුව හොත්

    හොඳින් පාලනය වන ඇදුම සහිත බොහෝ දරුවන්ට පාසලේ සාමාන්‍ය විදිහට ඉගෙනීමේ කටයුතු කර ගත හැකි අතර ඔවුන්ගේ ක්‍රියාකාරිත්වයට හානි සිදු නොවේ. එහෙත්, ඔබේ දරුවාගේ ඇදුම ඖෂධ පිළිබඳ තොරතුරු ලිඛිතව පාසලට දැන්විය යුතු වන අතර, එම ඖෂධ මොනවාද? කොපමණ ප්‍රමාණයක් ගත යුතුද ලබා දිය යුත්තේ කුමණ වෙලාවටද යන්න ඇතුලත් කල යුතුය. ඔබගේ දරුවාගේ ඇදුම රෝග ලක්ෂණ පාසලේදී මතුවිය හැකි බැවින් සමහර විට ඔබගේ දරුවාගේ පාසලට අමතර රෝග ලක්ෂණ අඩු කරන කොලපාට ඉන්හේලරය ඉන්හේලරයක් සැපයිය යුතු වේ. පාසලේ කාර්ය මණ්ඩලයට, නරක අතට හැරෙන ඇදුම රෝග ලක්ෂණ හඳුනාගත හැකි විය යුතු අතර ඇදුම ප්‍රහාර දී කුමක් කළ යුතුද යන්න දැනගත යුතුය. විශේෂයෙන් පාසල් කාර්ය මණ්ඩලය, ක්‍රීඩා සහ ශාරීරික අධ්‍යාපනය අධීක්‍ෂණය කරයි. ඔබගේ දරුවාගේ පාසැලේ ඇදුම පිලිබඳ අනුගමනය කරන ප්‍රතිපත්ති මාලාවක් තිබේද කියා ඔබට අසා දැනගත හැක.

    අන් අය සමඟ කතා කිරීම

    ඇදුම වැනි දිගුකාලීන සෞඛ්‍ය තත්වයන් ඇති බොහෝදෙනෙකු මානසික ආතතිය, කාංසාව සහ අවපාතය යන තත්වයන්ට මුහුණ දේ. ඇදුම පිළිබඳ ඔබේ අත්දැකීම් අන් අය සමඟ කතා කිරීම ඔබට ප්‍රයෝජනවත් විය හැකිය. ඇදුම රෝග විනිශ්චය කර ඇති සහ ප්‍රතිකාර ලබා ගන්නා රොගී කණ්ඩායම් ප්‍රාදේශීයව ඔබට මුණගැසිය හැක. ඔබ ගැටලුවලට මුහුණ දෙනවා නම්, ඔබේ වෛද්‍යවරයාට කතා කරන්න. ඔවුන් ඔබට උපදෙස් සහ සහය ලබා දෙනු ඇත.